ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය 3 ට බින්දුවක් ලෙස වාර්තාගත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුනා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ලකුණු 163 කින් ජයග්‍රහණය කරමින්.
කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමේදි සියලුදෙනා දැවී ලකුණු 355 ක් රැස් කලා.
පළමු ඉනිමේදී සුපිරි පිතිහරඹයක නිරතවු දිනේශ් චන්දිමාල් සිය 7 වන ටෙස්ට් ශතකය ද ලබා ගනිමින් ලකුණු 132 ක් රැස් කලා.
සිය පළමු ජාත්‍යන්තර ශතකය ලබාගත් ධනංජය ද සිල්වා ලබාගත් ලකුණු සංඛ්‍යාව 129 ක්.
ශ්‍රී ලංකා පළමු ඉනිමේදී පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු 5 ක් බිඳහෙලුවා.
පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව ලකුණු 379 ක් රැස් කලා.
ශෝන් මාර්ෂ් 130 යි. ස්ටීවන් ස්මිත් 119 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී රංගන හේරත් ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 6 ක් බිඳහෙලුවා.
දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව කඩුලු 8 කට ලකුණු 347 ක්ව තිබියදී ඉනිම අත්හිටවනු ලැබුවා.
ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවට දෙවන ඉනිමේදි හිමිවු ඉලක්කය ලකුණු 323 ක්.
කෙසේවෙතත් තරගයේ අවසන් දිනය වු අද ඔස්ට්‍රේලියාවට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 160 ක් පමණයි.
ඔස්ට්‍රේලියා දෙවන ඉනිමට පන්දු යැවීමෙන් දැඩි බලපෑමක් එල්ලකල රංගන හේරත් කඩුලු 7 ක් බිඳහෙලුවා.