අති සාර්ථක මංගලම් සිය වෙනි වැඩසටහන වෙනුවෙන් සංවිධාන කළ මෙම ප්‍රදර්ශනය පැවැත්වුණේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී. ඊයේ උදෑසන එහි සමාරම්භය සිදුවුණේ ඊට දායකත්වය දක්වන මංගල ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ සහභාගිත්වයෙන්.
උදෑසන පටන්ම විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ-තරුණියන් අති විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියා. උදෑසන පටන් මංගලම් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි විවාහ අපේක්ෂිත තරුණ-තරුණියන් පිරිස 3000කට ආසන්නයි.
එහිදී ඔවුන්ට තමන්ගේ විවාහ මංගල උත්සවය සංවිධානය කර ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් මේ ප්‍රදර්ශනයේදී ලබා ගත හැකි වුණා. ඒ විවාහ මංගල ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයින්ගෙන්.
මංගලම් සිය වෙනි වැඩසටහන වෙනුවෙන් සංවිධානය වූ මේ ප්‍රදර්ශනය විචිත්‍රාංග ගණනාවකින්ද වර්ණවත් වුණා.
ඔවුන් අතරින් රූපවාහිනී ආයතනයක් සංවිධානය කරන දැවැන්ත විවාහ මංගල්‍ය උත්සවයට උරුමකම් කියන ඒ වාසනාවන්ත වූ යුවල තෝරා ගැනීම පස්වරුවේ සිදු වුණා. ඒ 3000කට ආසන්න විවාහ අපේක්ෂිතයින් අතරින් කුසපත් ඇදීමෙනුයි. හිරු TV සියළු පිරිවැය දරන, මංඟළ පෝරු මස්ථකයේ සිට මධු සමය දක්වා සියල්ල නොමිලේ ලැබෙන මිලියන 05 කට අධික වටිනාකමකින් යුතු සුපිරි මංගල උත්සවයේ හිමිකරුවන් වුනේ ඒ අතර සිටි වින්ද්‍යා සහ තිළිණයි. ඒ අනුව වින්ද්‍යා සහ තිළිණ මෙරට රූපවාහිනී ආයතනයක් සංවිධානය කරන දැවැන්තම විවාහ මංගල උත්සවයට මෙවර හිමිකම් කියනු ඇති.
ඉතින් වින්ද්‍යා සහ තිළිණවෙනුවෙන් හිරු TV ලබාදෙන රුපියල් මිලියන 05 කට අධික විවාහ මංගල උත්සවයට ඔවුන් සුදානම් වන අයුරු ඉදිරියේදී හිරු TV මංගලම් වැඩසටහන තුලින් ඔබට නරඹන්නට පුළුවන්...
එම ජයග්‍රාහී මොහොත මෙතැනින් බලන්න...