ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ප්‍රාසාංගීක වේදිකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 12ක් මුහුණට මුහුණ තරඟවදින මහා ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු 17 වනදා උදෑසන 8 සිට කටුනායක 18 කණුව දාවින්දා මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
සන් ශයින්, ඇරෝ ස්ටාර්, ඕල් රයිට්, ෆීඩ්බැක්, සහරා ෆ්ලෑෂ්, රණා විත් ඕරා, ඔක්සිජන්, සීදූව බ්‍රාවෝ, පොල්ගහවෙල හොරයිසන්, ආග්‍රා, ආයුබෝවන් ශ්‍රී, පූගොඩ ඕකේ යන සංගීත කණ්ඩායම් මේ මහා ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන අතර ජනප්‍රිය කළාකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයද මේ වෙනුවෙන් හිමි වෙන බව දැනගන්නට ලැබෙනවා.
සංගීත කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරඟාවලියට මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ හිරු TV සමඟින් ෂා FM වන අතර අන්තර්ජාල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ හිරු ගොසිප් අපගේ වෙබ් අඩවියයි.