ඉන්දියානු තරුණ යුවළක් විසින් සිදුකළ අමුතු වැඩක් පිළිබඳව ලොව පුරා අවධානය යොමුවී තිබෙනවා.
Faizan තරුණ ඡායාරූප ශිල්පියෙක් සහ ඔහුගේ බිරිඳ වන sana නම් තරුණියක් මෙසේ සැමගේ අවධානයට ලක්වුවා.
පසුගියදා පැවති තම විවාහයෙන් පසුව මංගල රාත්‍රිය සඳහා මෙම යුවළ ඉතාලියට යාමටයි සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත් අදාල තරුණියගේ විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වන්නේ ඒ සියලු බලාපොරොත්තු සුන් කරමින්.
පසුව අදාල තරුණයා විසින් ඉතාලිය බලා ගමන් කරඇති අතර ඔහු විසින් තමන්ගේ බිරිඳගේ හිස්ව තිබූ අසුනට ඉහළින් ඇගේ ඡායාරූපයක් තබාගෙන තවත් ඡායාරූපයක් තබාගෙන තිබෙනවා.
පසුව ඔහු විසින් අදාල ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයක තම ගිණුමේ පලකර තිබෙනවා.