රියෝ ඔලිම්පික් උළෙල ආරම්භයේ ඉඳන්ම විවිධ සිද්ධි වාර්තා වෙන්න පටන් ගත්තා.
පසුගිය දවසක සමලිංගික ආදර කතාවක් ගැනත් අහන්න ලැබුණා. ඒ වගේම මේ ඔලිම්පික් තරගවලට සහභාගී වෙන අය අතරේ ආදර කතා ඕනෑ තරම් තියෙනවා ඇති.
ඒ හැමදේම අස්සෙන් සොඳුරු ආදර කතාවක් ගැන අපිට වාර්තා වුණා.
පදක්කමක් ගත්තට පස්සේ හැමෝම ඉස්සරහ පෙම්වතා හෝ පෙම්වතිය විසින් අපි බඳිමුද කියලා ඇහුවොත් ඒක හරි පුදුම සිදුවීමක්.
ඒ විදිහට චීන springboard ක්‍රීඩිකාවගෙන් එයාගේ පෙම්වතා අතේ මුද්දකුත් තියාගෙන විවාහ යෝජනාවක් ගේනවා.