කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තා වැසිකිළියට රිංගා ජංගම දුරකථනයකින් යාබඳ වැසිකිලියේ සිටි කාන්තාවකගේ ඡායාරූප ගත් තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ස්ථානයේ වැසිකිළි 3 ක් ඇති බවත් අදාල කාන්තාව ඇතුලට ගිය අවස්ථාවේ එක් වැසිකිළියක් වසා තිබූ බවත් මද වේලාවකින් එම වැසිකිළියේ කවුලුවකින් ජංගම දුරකථනයකින් ඡායාරූප ගන්නා බවත් ඇය දැක තිබෙනවා.
පසුව වහාම පිටතට පැමිණ ඇය කෑගසා මුරකරුගේද සහය ඇතිව එම තරුණයාව අල්ලාගෙන තිබෙනවා.
පොලිසියට භාරදුන් මෙම තරුණයා සතුව තිබූ දුරකථනය මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකයට යවා විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
කෙසේ වෙතත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා පවසා ඇත්තේ තම සේවාදායකයාට හදිසියේ බඩේ අමාරුවක් ඇතිවූ බැවින් වැසිකිළියට ගොස් ඇති බවත් එය කාන්තා වැසිකිළියක් බව ඔහු නොදැන සිටි බවත්ය.