අපි මේවා සල්ලි දීලා නීත්‍යානුකූලව කරන ඒවා.
පොලිසියට පුළුවන්ද මේක වහන්න.
සාමය කඩවීමේ චෝදනාවට සම්භාහන මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වැටලීමෙන් පසු එහි හිමිකරු පොලිසියට පැමිණ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් තලංගම පැත්තෙන් වාර්තා වුණා.
පන්නිපිටිය කලල්ගොඩ පාරේ පවත්වාගෙන ගිය මෙම සම්භාහන මධ්‍යස්ථානයට මීටර් 50 ක පමණ දුරින් පාසලක්ද තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
පැය 24 පුරා විවෘතව පවතින මෙම සම්භාහන මධ්‍යස්ථානයට විවිධ පුද්ගලයින් බීමත්ව පැමිණ ආරවුල් ඇතිකරගන්නා බවට පොලිසියට ලැබුණු පැමිණිලි නිසා පොලිසිය විසින් අවවාද කරඇත්තේ රාත්‍රී 10 න් පසු මෙය වසා තබන ලෙසයි.
අවස්ථා කිහිපයකදීම එම ස්ථානයේ ඇතිවූ ආරවුල් නිසා පුද්ගලයින් කිහිප දෙනෙක්ම රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද පොලිසිය පැවසුවා.
කෙසේ වෙතත් පසුගිය දිනක ප්‍රදේශවාසීන්ගෙන් හා විවිධ පුද්ගලයින්ගෙන් ලැබුණු පැමිණිලි ඔස්සේ එම ස්ථානයට ගිය පොලිසිය විසින් ආරවුල් ඇතිකරගත් පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් පසුව එහි හිමිකරු විසින් තලංගම පොලිසියට බීමතින් පැමිණ බැණ වැදී තිබෙනවා.
පොලිසිය පැවසුවේ " අපි මේවා සල්ලි දීලා නීත්‍යානුකූලව කරන ඒවා.. පොලිසියට පුළුවන්ද මේක වහන්න" යනුවෙන් ඔහු බැණවැදුනු බවයි.
පසුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරු විසින්ද එහි තිබූ ජංගම දුරකථන දෙකක් නැතිවූ බවට පොලිසියට චෝදනා කර තිබුණත් පසුව එම දුරකථනය සඟවා තිබියදී හමුවූ බවද පොලිසිය සඳහන් කළා.
පාසලක් ආසන්නයේ සිදුකරගෙන යන මෙම සම්භාහන මධ්‍යස්ථානය නිසා ඇතිවන ආරවුල් හේතුවෙන් මව්පියන්ට සිය දරුවන් එම ස්ථානයෙන් රැගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් මතුව තිබූ බවයි පොලිසිය කියා සිටියේ.