මවට පහරදුන් පුතෙක් කැලයක් තුල එල්ලී මියයෑමේ සිද්ධියක් ගැන මීගලෑව පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
මේ විදිහට ජීවිතේ නැතිකරගෙන තිබෙන්නේ මීගලෑව කුඩාකන්තෝරුව පැත්තේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවූ සංජය මධුවන්ත රණසිංහ නමැති තරුණයෙක්.
පසුගිය දිනක මව විසින් සිදුකළ අවවාදයකින් කෝපවී මෙම තරුණයා විසින් මවට පහරදී තිබෙනවා.
පසුව මව ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලටද ඇතුලත් කිරීමට සිදුවෙලා.
මේ සිද්ධියට තමන්ව පොලිසියෙන් අත්අඩංගුවට ගනී කියන බවට ඔහු නිවසින් පලාවිත් සැගවී සිට තිබෙනවා.
ඔහු නිවසට නොපැමිණි නිසා ඔහුගේ පියා විසින් ගම්මුන්ගේ නිවෙස්වල හා ඥාතීන්ගේ නිවෙස්වල සොයා බලා ඇති අතර ඊයේ දහවල් කුඩා කන්තෝරුව පැත්තේ ළඳු කැලෑවක දර කැඩීමට ගිය කාන්තාවක් විසින් අදාල තරුණයාගේ සිරුර ගසක එල්ලී තිබෙන අයුරු දැක තිබෙනවා.
පසුව මේ ගැන මීගලෑව පොලිසියට දැනුම් දීමෙන් පසු සිරුර ගසෙන් බිමට ගෙන රෝහලට ගෙන ගිය බවයි වාර්තා වන්නේ.