පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීමට දිවයිනට පැමිණ සිටින චැනල් ෆෝ මාධ්‍යවේදීන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒ, ජනාධිපතිවරයා කොළඹ දී ආරම්භ වූ ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක උත්සවය අවසන් වී යළි පිටත්ව යන මොහොතේ දීයි. එහිදී චැනල් ෆෝ මාධ්‍යවේදී ජොනතන් මිලර් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ යුධ අපරාධ සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබදවයි. තමන් ඊට අදාළව ප්‍රකාශ වන ඇතැම් කරුණු පිළිබදව කලබල නොවන බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. අනතුරුව චැනල් ෆෝ මාධ්‍යවේදියා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට ජනාධිපතිවරයා හමුවිය හැකි දැයි විමසීමක් කළා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඕනෑම මොහොතක තම කාර්යාලය අමතා ඊට කාලය වෙන් කර ගත හැකි බවයි.
සිදුවූ සංවාදය පහතින්...
චැනල් ෆෝ - ජනාධිපතිතුමනි මම චැනල් ෆෝ නාලිකාවෙන්. මට ඔබත් සමඟ වචන කිහිපයක් කථා කළ හැකි ද ?
චැනල් ෆෝ - මට අහන්න පුළුවන් ද යුධ අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වෙනවද ?
ජනාධිපතිතුමා - මම ඒ සම්බන්ධයෙන් කිසිම කාරණයක් පිළිබඳව වද වෙන්නේ නැහැ.....
චැනල් ෆෝ - මට ඔබව පසුව මුණගැසෙන්න පුළුවන් ද ?
ජනාධිපතිතුමා - ඔව්.... ඇත්තවශයෙන්ම ඔබට මගේ කාර්යාලයට කථාකරලා වෙලාවක් ලබාගත හැකියි....
චැනල් ෆෝ - ස්තූතියි ජනාධිපතිතුමනි.....
චැනල් ෆෝ - ඔබ ඉන්දීය ජනාධිපතිවරයා නොපැමිණීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වෙනවද ?
(ජනාධිපතිවරයා තම රථයට නැග පිටය යයි)