අම්පාර ප්‍රදේශයේ පාසල් සිසුවියක් උසස් පෙළ විභාගය අවසන්වී නිවසට යමින් සිටියදී පැහැරගෙන යාමට උත්සහ කර තිබෙනවා.
ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මෙලෙස බලහත්කාරයෙන් සිසුවිය රිය තුලට රැගෙන ගොස් ඇති අතර පසුව ඇය ත්‍රීරෝද රථයෙන් ඉවතට පැන ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් සහ මාර්ගය අසල සිටි පුද්ගලයන් එක්ව සිසුවිය බේරාගෙන ඇති අතර පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන්ද අල්ලාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
සිසුවිය සහ පැහැර ගැනීමට උත්සහ කළ පුද්ගලයා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර එය අතහැරීම හේතුවෙන් මෙලෙස පැහැරගත් බවටයි වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
එම පුද්ගලයාද මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුවෙකු බව සඳහන්.
ත්‍රීරෝද රථය තුල තිබී රසායනික දියර බෝතලයක්, ඇඳුම් බෑගයක් සහ පිහියක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.