ආදරේට මුලා වෙලා සමහර තරුණ හිත් කරන සම+හරක් වැඩ හරියි කියලා කියන්න අමාරුයි. හැගීම්වලට වහල් වෙලා ආදරේ පහස හොයාගෙන සමහරු ජීවිත පවා නැතිකරගන්නේ දෙපාරක් හිතන්නේ නැතිව.
ආදරේ කියන්නේ කාමරයක් ඇතුලේ හෝ බස් එකක අහුමුල්ලක විකිණෙන දෙයක් නෙවෙයි කියන එක තරුණ හිත් තේරුම් ගන්නේ ගොඩක් අඩුවෙන්. අපි එහෙම කියන්න හිතුවේ අද සමාජයේ වෙන දේවල් එක්ක වගේම බස් එකක් ඇතුලේ තරුණ යුවළක් හැසිරෙන හැටි දැක්වෙන වීඩියෝවක් අපිට ලැබුණ නිසයි.
තමන්ගේ ආදරවන්තියවත්, තමන්ගේ ආදරවන්තයවත් සමාජය ඉස්සරහ හෑල්ලුවට ලක්වෙන මේ වගේ දේවල් නිසා දුක් විදින්නේ ඒ දරුවන් මෙලොවට බිහි කරපු දෙමව්පියෝ.
දුක් මහන්සියෙන් ජීවිත ගොඩනගලා හැගීම්වලින් අන්ධ වෙලා ඒ අය කරන දේවල් නිසා ලැජ්ජාවට පත්වෙන්නේ තමන්මයි කියන එක මේ තරුණ තරුණියෝ තේරුම් ගන්නේ හුගක් අඩුවෙන්.
අවංක ආදරයක්නම්, තමන්ගේ පෙම්වතියගේ ගරුත්වය රැකගන්න පෙම්වතෙක් දෙපාරක් හිතන්නේ නෑ. බුද්ධිය හැගීමට යට කරගෙන ආදරයේ පහස හොයන තරුණ හිත් සමාජයෙන් හෑල්ලුවට ලක්වෙනවා කියන එකත් ඒ අයට දැනෙන්නේ හුගක් අඩුවෙන්.
බස්වල පිටුපස ආසනයට වෙලා දෙනෝ දාහක් බලාගෙන ඉදිද්දි කරන කැත වැඩ නිසා ඒ බස්වල යන අනිත් අයටත් ඇතිකරන්නේ ලොකු පිළිකුලක්.
කොහොම වුණත් ඒ විදිහට ආදරේ බස් එකක් ඇතුලේ විකිණෙන තරමට පහත් තත්ත්වයකට කෙනෙක් වැටෙන්න හොඳ නෑ කියන එක අපි කාට කාටත් මතක් කරලා දෙන්න කැමතියි.
මේ වගේ දේවල් නිසා වැඩිහිටි ජීවිත දිහා බලලා ජීවිතේ ගොඩනගාගන්න ඉන්න අයටත් ගෙනඑන්නේ වැරදි ආදර්ශයක්.
අපි කියන මේ සිද්ධිය වෙලා තියෙන්නේ මහරගම - කොටුව 138 බස් එකක. හවස් වෙද්දි වැඩ ඇරිලා හැමෝම බස් එකට ගොඩවෙන්නේ පැය ගාණක් මොලේ වෙහෙසලා කරපු රාජකාරි ගොන්න පැත්තක තියලා හිතේ පොඩ්ඩක් අස්වැසිල්ලක් ලබාගන්න කියලා හිතගෙන.
ඒත් සමහර මිනිස්සු දන්නේ නෑ තමන් යන්නේ පොදු ප්‍රවාහන සේවකයක කියලා. ඒ බස්වල ඕනි තරම් මිනිස්සු පුංචි ළමයි, පාසැල් යන වයසේ දරු දැරියෝ ඉන්න පුලුවන්.
තමන්ගේ තියෙන පහත් ආශාවන් ඉෂ්ඨ කරගන්න මේ වගේ බස් එකක් තෝරගන්න එක ගැනනම් කවුරුත් හොඳක් කියන්නේ නෑ. මොකද ඔවුන් ඒ දේවල් වලින් වින්දනයක් ලැබුවත් මේවා දකින මිනිස්සු ඒ වෙලාවට ලොකු අපහසුතාවයකට පත්වෙනවා.