මුන්දලම ප්‍රදේශයේ අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කළ දෙදරු පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතවරයට ලක්වූ දැරියගේ මව වෙනත් පුද්ගලයෙකු සමග විවාහවී ඇති අතර පියා සහ නැගණිය සමග ජීවත්ව ඇති බව සඳහන්.
පසුගිය 30 වැනිදා මෙම දැරිය නැගණිය සමග රූපවාහිනිය නැරඹීමට සැකකරුගේ නිවසට පැමිණ ඇති අතර එහිදී දැරියට නින්දගොස් ඇති අතරතුරදී කාමරයට රැගෙනගොස් අතවර කරඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳව දැරිය තම පියා දැනුවත් කිරීමෙන් පසු මුන්දලම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.