Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
27
එංගලන්තෙ ගිය චිත්‍රානි නිදාගෙන සිටි දුව කුමාරිට පිහියෙන් ඇන ඝාතනය කරන්න හැදූ සිද්ධිය - Photos

- එංගලන්තෙ ගිය චිත්‍රානි නිදාගෙන සිටි දුව කුමාරිට පිහියෙන් ඇන ඝාතනය කරන්න හැදූ සිද්ධිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

123,288 Views
‘‘දෙපාරක් අවදිවුණාම අම්මා ළඟින් හිටියා,
ඔළුව අතගාලා නිදියන්න කීවා,
අන්තිම පාර මගේ බෙල්ලට පිහියෙන් ඇනලා‘‘

එංගලන්තයේ ජීවත්වන චිත්‍රානි මහේන්ද්‍රන් නම් ලාංකික මවක් විසින් තමන්ගේ දියණිය රාත්‍රී නින්දට ගොස් සිටියදී පිහියකින් ඇන ඇයව ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් වන පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස මව විසින් දියණිය ඝාතනය කීරීමට සැලසුම් කර ඇත්තේ රෝගී තත්වයෙන් පසුවන ඇයව ලංකාවට නැවත යවන්නට දියණිය කටයුතු කර ඇති නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ. වැඩිදුරටත් විදෙස් වාර්තා සඳහන් කරන පරිදි සිද්ධිය මෙසේයි.


කුමාරී මහේන්ද්‍රන් නම් 26 හැවිරිදි මෙම තරුණිය එංගලන්තයේ ජීවත්වීමට ගොස් ඇත්තේ ඇයගේ මව වන 74 හැවිරිදි චිත්‍රානි මහේන්ද්‍රන් සමඟින්. කාලයක් එහි ජීවත් වූ මෙම තරුණිය එහි පැවති මිස් වේල්ස් තරඟයටද සහභාගී වී ඇති අතර නිරූපණ ක්ෂේත්‍රයටද යොමු වෙන්නට ඇයගේ පොඩි කැමැත්තක් ඇතිව තිබෙනවා.

මේ අතර ඇයගේ මවට අසනීප වීම නිසාවෙන් ඇයට නැවත ලංකාවට පිටත් කර යැවීමට කුමාරී සූදානම් වී ඇති නමුත් එයට මවගේ වැඩි කැමැත්තක් තිබී නැහැ. මේ නිසාවෙන් දෙදෙනා අතර යම් අවස්ථාවල සිත් අමනාපකම්ද තිබී ඇති අතර දිනක් මව වන චිත්‍රානි විසින් නිදාගෙන සිටි ඇයගේ දියණියට පිහියකින් ඇන තිබෙනවා. ඒ ඇයගේ ගෙල ප්‍රදේශයටයි.

මෙලෙස ඇයට පිහියෙන් අනින්නට පෙර දෙවතාවක් කුමාරි නින්දෙන් අවදි වී ඇති අතර එම අවස්ථා දෙකේදීම මව ඇයගේ අසල සිට තිබෙනවා. ඒ අවස්ථා දෙකේදීම ආදරයෙන් හිස අතගාමින් ඇය තමන්ව නිදි කරවූ බවත් කුමාරී පවසා තිබෙනවා.

පසුව තමගේ ගෙලට යමෙකු හයියෙන් පහරදෙන බව දැනී අවදිවුණු දියණිය දැක ඇත්තේ ඇයගේ මව පිහියක්ද ඇතින් ගෙන සිටිය අයුරුයි. ඇය කෑ ගසමින් පවසා ඇත්තේ ‘‘අම්මේ ඔයාට මට ඇන්නා‘‘ යනුවෙනුයි.

ඇඟපුරා තැවරුණු ලේ ද සමඟින් මවගෙන් බේරී පලායන්නට තැත් කළත් දියණියට නිවසේ දොර විවෘත කර ගැනීමට නොහැකි වී ඇත්තේ එහි යතුර නොතිබීම නිසාවෙන්.

පසුව මව ඇයගේ සමීපයට එනු දැකීමෙන් තවත් බියට පත්වුණු කුමාරී කෙසේ හෝ දොර විවෘත කරගෙන ඇඟපුරා තැවරුනු ලේ ද සමඟින් නිවසින් පිටතට පැමිණ තිබෙනවා. ඒ ඇයගේ මව සමඟින් නැවත රණ්ඩු වී ඇයව අසල තිබූ රූපවාහිනියක් වෙත තල්ලු කිරීමෙන් පසුවයි
.
ලේ තැවරුනු කුමාරී දුටු අසල්වැසියෙකු ඇයගේ උදව්වට පැමිණ, පසුව රෝහලවෙත ඇයට රැගෙන ගොස් ඇති අතර ඔවුන් පාරේ ගමන් කරන අයුරු මව නිවසේ සිට බලාගෙන සිටි බව අසල්වැසියා පවසා තිබෙනවා.

මෙම සිදුවීමට 2016 වසරේ ජනවාරි මස සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව පහුගිය දිනෙක අධිකරණයේදී විභාග කර ඇති නිසාවෙන් මේ තොරුතුරු අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳව නඩුව තවමත් විභාග වන අතර මව මනෝවෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  40 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,948 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  588 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top