අම්මේ මටනම් ආයේ ඉස්කෝලේ යන්න බෑ..
යාළුවෝ තාත්තා ගැන කියලා මට විහිළු කරනවා...
16 හැවිරිදි පාසල් සිසුවියක් ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියයෑමේ සිද්ධියක් ගැන හලාවත පැත්තෙන් වාර්තාවනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ හලාවත ප්‍රදේශයේම පදිංචි මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට සිටි ශිෂ්‍යාවක්.
ඉගෙනුම දක්ෂ ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසද කටයුතු කළ බවයි වාර්තා වන්නේ.
ඇගේ පියා ළමා අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඩුවම් ලබමින් සිටින අතර එම සිද්ධියට ඇගේ මිතුරන් විහිළු කිරීම නිසා ඇතිවූ සිත් වේදනාවෙන් ඇය ගෙලවැලලාගන්නට ඇති බවටයි සැකපල කරන්නේ.
පසුගිය 15 වැනිදා පාසල නිමවී නිවසට පැමිණ ඇගේ මව වැළඳගෙන "අම්මේ මට නම් ආයේ ඉස්කෝලේ යන්න බෑ. යාළුවො විහිළු කරනවා" යැයි හඬමින් පවසා තිබෙනවා.
ඊට ටික වේලාවකට පසු ඇය පාසල් ටයි පටියෙන් නිවස තුලම ගෙල වැලලාගෙන සිටි බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.