Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
හිරු හෙළිදරව්වෙන් ජය ශ්‍රී මහා බෝසමිඳුන් සුරැකීමට කඩිනම් පියවර.

- හිරු හෙළිදරව්වෙන් ජය ශ්‍රී මහා බෝසමිඳුන් සුරැකීමට කඩිනම් පියවර.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views
අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් ආසන්නයේ ඉදිකරමින් තිබූ නව රථගාලේ කටයුතු වහා නතර කරන්නැයි අනුරාධපුර නගරාධිපතිවරයා මහාමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා. ඒ එම රථගාල හේතුවෙන් බෝ සමිඳුන්ට අවදානමක් මතුව ඇති බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා කළ අනාවරණයත් සමඟ ජනාධිපතිවරයා ලබාදුන් නියෝගයට අනුවයි.
මෙලොව පවතින එකම ජීවමාන පූජනීය වස්තුව ලෙස සැලකෙන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට රථවාහනවලින් නිකුත් වන විෂ වායු හේතුවෙන් අවදානමක් මතුව ඇති බව හිරු ප්‍රවෘත්ති අනාවරණ කළේ පසුගිය 17 වැනිදායි. ඒ බෝ සමිඳුන්ගේ සෞඛ්‍ය කටයුතු භාරව සිටින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් සිදුකර තිබූ පරීක්ෂණ ද උපුටා දක්වමින්. බෝ සමිදුන්ට මීටර් 300ක් පමණ වන දුරකින් අමාත්‍ය මර්වින් සිල්වාගේ මැදිහත්වීම යටතේ අරඹා තිබූ නව රථ ගාලක් ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එමගින් පෙන්වා දුන්නා.

අදාළ ප්‍රවෘත්තිය හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වද්දී එය නැරඹූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, බෝ සමිඳුන් වැඩ සිටින භූමියේ සිට මීටර් 500ක් ඇතුළත සියලූ ඉදිකිරීම් වහාම නවත්වන ලෙස අනුරාධපුර නගරාධිපතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් සඳහන් කළා. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබුණේ ගැටළුවට මුල් වී තිබෙන නව රථ ගාල බෝ සමිඳුන් අභියස සිට මීටර් 500ක් ඈතට ගෙන යන ලෙසයි. එමෙන්ම අවට කලාපයේ පරිහරණය සඳහා විදුලිබලයෙන් ක්‍රියාත්මක වන වාහන පමණක් යොදා ගන්නා ලෙසත්, ජනාධිපතිවරයා දැනුම් දී තිබුණා.

මේ අනුව හිරු ප්‍රවෘත්ති අංශය කළ නිරීක්ෂණයකදී අද (21) උදෑසන සිටම අදාළ රථ ගාලේ වාහන නවතා තැබීම නතර කර තිබෙන අයුරු දක්නට ලැබුණා. අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී. සෝමදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ පිළිබද ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.

බෝ සමිඳුන්ට මතුව ඇති අවදානම පිළිබද වසර කිහිපයක සිට බලධාරීන් දැනුවත් කර තිබූ අනුරාධපුර ප්‍රදේශවාසියෙකු වන ඉන්ද්‍රජිත් සේනානායක ද ජනාධිපතිවරයා කඩිනමින් ගත් තීරණය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top