තම පෙම්වතියගේ දුරකතනයට නාදුනන පුද්ගලයෙකුගෙන් පැමිණි මගහැරුනු දුරකතන ඇමතුමක් මිස් කෝල් එකක් නිසා ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පෙම් යුවලම මහනුවර දළදා මාලිගාවේ උල්පැන්ගෙය අසලින් මහනුවර වැවට පැන තිබෙනවා.
මතුරට හා පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම තරුණිය හා තරුණයා එම ස්ථානයේදී බහින්බස් වීමකින් අනතුරුව තරුණයා එක්වරම වැවට පැන ඇති අතර ඉන්පසු තරුණියද වැවට පැන ඇති බව දැනගන්නට ලැබෙනවා.
මෙම සිද්ධිය දැක අවට සිටි කිහිපදෙනෙක් කෑ ගැසීම නිසාවෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනක් එම ස්ථානයට පැමිණ ඇති අතර දෙදෙනාම වැවෙන් ගොඩගෙන රෝහල් ගතකර තිබෙනවා.
මේ වන විට දෙදෙනාම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර තරුණයාගේ තත්වය යහපත් නොවන බවද දැනගන්නට ලැබෙනවා.