Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කැකිල්ලේ තීන්දුවක් - වීඩියෝ

- වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කැකිල්ලේ තීන්දුවක් - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

178 Views
තරඟ පවාදුන් සිද්ධියෙන් නිදහස් වෙද්දි පරණ විනය චෝදනාවක් ආයෙත් එළියට අරන්

මුදලට තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය සිදුකළ පරීක්ෂණවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු අනුෂ සමරනායක මහතා නිදහස් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මැයි 29 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කරන්නට ICC දූෂණ මර්ධන ඒකකය පියවර ගත්තා.


නමුත්, අදාල තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේවන තුරුත් මුණිවත රැකීම විමතියට කරුණක්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු පැවසුවේ මුදලට තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනූෂ සමරනායක මහතා නිර්දෝෂී වුවත් විනය කරුණක් සම්බන්ධයෙන් ඔහු වරදකරු වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුවේ තීරණයට අනුව අනූෂ සමරනායක මහතාට තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ නොහැකි බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවසුවා.

කෙසේ වුවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර මුදලට තරග පාවාදෙන්නැයි ඉල්ලමින් කිසියම් පුද්ගලයෙකු තමන්ට බලපෑම් කළ බව රංගන හේරත් සහ කුසල් ජනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයට පැමිණිල්ලක් කළා.

එහිදී ඔවුන් පැවසුවේ පුහුණු තනතීරු පන්දු යවන්නෙකු වශයෙන් කටයුතු කරන ගයාන් විෂ්වජිත් නමැත්තෙක් මෙම යෝජනාව සිදුකළ බවයි.

ඒ අනුව, ජගත් ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම සිද්ධිය සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කළා. නමුත් මෙම තරඟ පවාදීමේ යෝජනාව කාලය තුල අනූෂ සමරනායක දිවයිනේ නොසිටි අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟ නවසීලන්තයේ සංචාරයේ නිරතව සිටියා.

පරීක්ෂණ සිදුවන අතරවාරයේදී පසුගිය ජනවාරි 18 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා ගයාන් විෂ්වජිත් සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවයි.

 ඒ අනුව, පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සමරනායක මහතාට වැටුප් සහිත මාස 2 ක සේවා තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

එමෙන්ම, ස්වේච්ඡා පදනම මත පුහුණු තනතීරු පන්දු යවන්නෙකු කටයුතු කළ ගයාන් විෂ්වජිත් පුහුණු කටයුතු සඳහා යොදවා නොගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.

මේ අතර, පසුගිය 29 වැනිදා ජගත් ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අනූෂ සමරනායක මහතාට එල්ලවී තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදහස් කරන්නට පියවර ගත් බවයි.

නමුත්, එම තීරණය මේවන තෙක් මෙරට මාධ්‍යයන්ගෙන් වසන් කර තබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම විමතියට කරුණක්.

එමෙන්ම, අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ විමර්ශන කටයුතුද මේවන විට අවසන් වී තිබෙනවා.

පුදුමයට කරුණ වන්නේ මුදලට තරග පාවාදීමේ සිද්ධියෙන් නිදහස් වූ අනූෂ සමරනායක මහතාට සිදත් වෙත්තමුණි මහතාගේ පාලන සමයේ එල්ලවූ චෝදනාවක් හුවා දක්වමින් සේවයෙන් ඉල්ලා අස්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දන්වා තිබීමයි.

නමුත් සමාජ ජාල වෙබ් අඩවියක පළවූ ඡායරූප කිහිපයක් ලබාගනිමින් එකල සිදුවූ මෙම සිද්ධියට අනූෂ සමරනායක සම්බන්ධ නොවන බවට සිදත් වෙත්තමුණිගේ පාලන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.

එසේ තිබියදී අනූෂ සමරනායක මහතාට සේවයෙන් ඉල්ලා අස්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දන්වා යැවීම හාස්‍යයට කරුණක්.

මුදලට තරඟ පවාදීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා වලින් නිදහස්ව තිබියදීත් අනූෂ සමරනායක මහතා  ගිලටීනයට හසුවන්නේ කාගේ වුවමනාවටද..?

මෙවැනි සිදුවීම් හරහා බිඳවැටෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිවිදභාවය නොවන්නේද ?

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top