සප්තකන්‍ය කන්ද තරණය කිරිමට ගොස් රකෂිතය තුල අතරමංව සිටි විශ්ව විද්‍යාල සිසුන් පිරිස යුදහමුදාව මගින් නිරුපද්‍රිතව සොයා ගෙන තිබෙනවා.
ලංකාවේ විශාලතම ගුවන් අනතුර සිදුවූ නෝටන්බ්‍රිජ් සප්තකන්‍යා කන්ද තරණය කිරීමට ගිය අවස්ථාවේදියි ඔවුන් රක්ෂිතය තුල අතරමංව තිබුණේ.
කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙක්, එක් සිසුවියක් සහ කොතලාවල විද්‍යාපීඨයේ එක් සිසුවෙකුයි මෙසේ රකෂිතය තුල අතරමංව සිටියේ.
දුමිරියෙන් පැමිණි මෙම සිසුන් පිරිස නෝටන්බ්‍රිජ් නගරයට බස් රථයකින් ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් සප්තකන්‍ය කන්ද පාමුලට ගොස් ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කර ඇති ස්ථානයට නොදුරු රකෂිතයෙන් ඊයේ පස්වරු 2.30 ට පමණ කන්ද තරණය කිරිම ආරමිභ කර තිබෙනවා.
තරණය කරමින් සිටින අවස්ථාවේ පැවති අයහපත් කාළගුණ තත්ත්වයත් අදුර වැටිමත් හේතුවෙන් නැවත එම පිරිස පහළට බසින අවස්ථාවේ ඔහුන් ගිය මාර්ගය අමතක වී රක්ෂිතයේ ගල්තලාවක් මත නතර වී තිබෙනවා.
පසුව ඔහුන්ගේ ඥාතින් වෙත දුරකථනයෙන් දැන්විමෙන් පසු එම ඥාතින් නෝටන්බ්‍රිජ් පොලිසියට කරන ලද දැනුමි දිමක් මත ලක‍්ෂපාන යුදහමුදා කඳවුරේ භට පිරිසක් ඔවුන් සොයා මෙහෙයුම ආරම්භ කර තිබුණා.