විවාහක බිරිඳ නිවසින් පන්නා දමා අනියම් බිරිඳක් සමග ඇසුරක් පවත්වා ඇයට දරුවෙකු ලබාදී තවත් තරුණියක් විවාහක කරගත් පුද්ගලයෙක්ට එම තරුණියගේ පියා විසින් පහරදී මියයෑමේ සිද්ධියක් වාර්තා වනවා.
ඇල්ල උඩඅරාව ප්‍රදේශයෙන් අහන්නට ලැබුණු මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සොයා පැමිණි තුන්වැනි වරට විවාහ කරගත් තරුණියගේ පියා ඔවුන්ගේ නිවසට පැමිණ ඔහු සමග සුහදව කතා කරමින් සිටින අවස්ථාවේදී රම්බෝ වර්ගයේ පිහියකින් ඇණ තිබෙනවා.
එම පිහි පහරින් මියගොස් ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් බවයි ඇල්ල පොලිසිය පවසන්නේ.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අදාල පුද්ගලයා බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වල ප්‍රතිකාර ලබා පසුව කොළඹ රෝහලට ඇතුලත්කර දින 4 කින් පසුවයි මියගොස් තිබෙන්නේ.
පිහි පහර එල්ල කළ තරුණියගේ පියා රජයේ සේවකයෙක් වන අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.