''මීගමුවේ අද සිදුවෙන දේවල් වල හැටියට එය චිකාගෝවටත් වඩා අන්තවෙලා… '' යැයි බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා ඊයේ (19) මීගමුව පොලිසියේ පැවැති රැස්විමකදි සිය අදහස් පළකරමින් ප්‍රකාශ කලා. මීගමුවේ දැනට සිදුවෙමින් ඇති මංකොල්ල රැල්ල සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුවත් කිරිම සදහා මීගමුව පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම කැදවා තිබුණා. මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් ඇමති නිමල් ලාන්සා පවසා සිටියේ 'පුෂ්පා මංකොල්ලය' සදහා අනිවාර්යෙන්ම මීගමුවේ කාගේ හෝ සම්බන්ධයක් ඇති බවය. මෙහිදී තමන් වැරදි නොකරන පුද්ගලයෙකු බව කියන්නටද ඇමතිවරයා අමතක කලේ නැහැ.
මීගමුව නගරය පුරාවට සහ සංචාරක කලාපය තුල ආරක්ෂක කැමරා පද්ධති සවි කිරිම සදහා තම අමාත්‍යංශය සහ මීගමුව මහ නගර සභාව එක්ව මුදල් යෙදවිමටද ඇමති ලාන්සා මෙහිදී පොරොන්දුවුනා.
මේ අතර අද මීගමුව මේ තත්වයට පත්විම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මීගමුවේ දේශපාලන අධිකාරියේ චණ්ඩිකරණය සහ පතාල වැඩ බලපා ඇති බවට ප්‍රසිද්ධ චෝදනාවක්ද තිබෙනවා. මේ චෝදනා පසුගිය කාලය තුල වැඩියෙන්ම එල්ලව තිබුනේ ඇමති නිමල් ලංසාගේ සමිපතයන් සහ පවුලේ සමාජිකයන් වෙතය. කෙසේ වෙතත් ඇමති නිමල් ලංසා මහතා අද අවධාරණය කර සිටියේ මීගමුවේ ආරක්ෂක වැඩපිළිවෙල සදහා සිය පුර්ණ සහය ලබාදෙන බවය.
'පුෂ්පා' මංකොල්ලයේ CCTV දර්ශන පහතින්,