හොලිවුඩ් සිනමාව ප්‍රිය කරන හැම කෙනාම වගේ ටේලර් ස්විෆ්ට් කියන්නේ කවුද කියලා හොඳින්ම දන්නවා.
පසුගිට කාලේ පුරාම එක එක කතා පැතිරුණු ඇය ජනප්‍රිය නිළියක් වගේම ගායිකාවක්.
ඇයගේ ආදරය පැතූ පෙම්වතුන් කිහිප දෙනෙකුත් හිටියා. ටේලර් ස්විෆ්ට් ගේ අලුත්ම පෙම්වතා ටොම් හිඩ්ල්ස්ටන්. ඔහු, හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක්.
මොවුන් දෙදෙනා පසුගිය දවසක එංගලන්තයේ, ඉතාලියේ සහ ඇමෙරිකාවේ සංචාරයක නිරතවුණා.
පළමුවෙන්ම ඇමෙරිකාවේ නාශ්විලී හි පැවැති ගායිකා සෙලීනා ගෝමස් ගේ ගී ප්‍රසංගයක් නරඹන්න එක්වුණු මේ දෙදෙනා පසුව ගියේ එංගලන්තයට.
ඒ, ටොම් හිඩ්ල්ස්ටන්ගේ මව මුණ ගැසීමටයි. ඊට පස්සේ මේ පෙම්වතුන් දෙදෙනා ගියේ ඉතාලියේ රෝම නගරයට.
ඔවුන් දෙදෙනා ගමන් කර තිබුණේ සුපිරි ගුවන් යානාවල. ඇමරිකාවේදී එහා මෙහා යන්න අති විශාල මුදලක් භාවිත කරමින් පෞද්ගලික ගුවන් යානා යොදාගෙන තිබණා.
ඒ වගේම කුලියට ගත් මෝටර් රථ හා ඔවුන් ලැගුම්ගත් හෝටල් වෙනුවෙන් අධික මුදලක් වැයකරලා තියෙනවා කියලත් වාර්තා වනවා.