සිය ගණනක් මගීන් සමඟ මුහුදේ ගිලූණු දකුණු කොරියානු නෞකාවේ අනතුරත් සමඟ පලා ගිය කපිතාන්වරයා ඔහුගේ කාර්ය මණ්ඩලයේ තවත් දෙදෙනෙකු සමඟ ඊයේ (18) අත්අඩංගුවට ගැනුණා. පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 475 දෙනෙකු රැගත් නෞකාව පසුගිය අප්‍රේල් 16 වන දා අලූයම් කාලයේ අනතුරට ලක්වූයේ ජේජු නැමැති දිවයින වෙත ගමන් ගනිමින් සිටියදීයි.
එහිදී පුද්ගලයන් 28 දෙනෙකු මිය ගිය බව දැන් තහවුරු වී ඇති අතර අතුරුදන් වී සිටින සංඛ්‍යාව 268ක්. ජීවිතාරක්ෂක මෙහෙයුමෙන් මෙතෙක් බේරා ගැනීමට හැකි වී ඇත්තේ 179 දෙනෙකු පමණයි. අත්අඩංගුවට ගනු ලැබූ ලී ජූන් සියොක් නැමැති 69 හැවිරිදි කපිතාන්වරයාට එරෙහිව රාජකාරිය පැහැර හැරීම සහ නාවික නීතිය උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ඇති.