නෝටර්බ්‍රිජ් - ලොනැක් වතුයායේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රී එහි නිවාස දෙකක පදිංචි පුද්ගලයින් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
එහිදී සැකකරු විසින් එල්ල කරන ලද පොලූ පහරක් හිසට වැදීමෙන් බරපතල තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 42 හැවිරිදි මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය ගිය කාන්තාවගේ සැමියා සහ පුත්‍රයා ද ගැටුමෙන් බරපතල තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නාවලපිටිය රෝහලට මාරු කර යවා ඇති බව පොලීසිය සදහන් කළා.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.