දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති වෙළඳසැල් කිහිපයක ඊයේ (18) රාත්‍රියේ හටගත් ගින්නකින් වෙළඳසැල් 8 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න ඇතිවීමත් සමඟ පොලීසිය සහ දඹුල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත්, ගින්න සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් වෙළඳසැල් 8ක් සම්පූර්ණයෙන් විනාශ වී ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කළා. ගින්න නිවාදැමීම සඳහා දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.