දරුවාගේ රෝගී තත්වයක් නිසාවෙන් හදිස්සිය වැඩි වීම නිසාවෙන් කිලෝ 128ක් බරැති බිරිඳගේ ඇඟට යටවී ඇයගේ සැමියා ජීවිතයෙන් සමුගත් අවාසනාවන්ත පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
පාන්දර කාලයේ තමන්ගේ දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුව ඇති අතර එය පිලිබඳව දැනගත් යුවල ඉහළ මාලයේ සිට පහළ මාලය දක්වා කඩිමුඩියේ ගමන් කරන්නට වී ඇත.
ඒ එන අතරතුර පය පැටලී දෙදෙනාම ඉහළ මහලේ සිට පහල මහළට ඇදගෙන වැටී ඇති අතර කිලෝ 128ක් බර මංජුලා විත්ලානිගේ සිරුරට යටවී සැමියා එම අවස්ථාවේ මියගොස් තිබේ.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ සිද්ධියෙන් පසුව ඇතිවූ තුවාල හා ඇයගේ ඔළුවට ඇතිවූ තැලීම් නිසාවෙන් කාන්තාවද පසුව මියගොස් ඇති බවයි.
දෙදෙනාම දරුවාගේ රෝගී තත්වයට කළබල වීම මෙම මරණයට හේතුවන්නට ඇති බවයි එරට පොලිසිය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.