මහනුවර නගරයට නුදුරු ප්‍රධාන පාසලක අට වසර සිසුවකුගේ පොත් බෑගයෙන් මත්පැන් බෝතලයක් හමුවී තිබෙනවා. පාසල නිම වීමට අවසන් කාලයේදී මේ සිසුවා තම පොත් බෑගය සැකසීමට යෑමේදී පොත් බෑගය බිම වැටී ඉන් බෝතල් දෙකක් පිටතට වැටී තිබියදී මේවා සොයාගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී පන්තියේ උගන්වමින් සිටි හිමි නමක් මෙය දැක වතුර බෝතල් දෙකක් රැගෙන එන්නේ මන්දැයි සිසුවාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
ප්‍රශ්න කිරීමත් සමඟ සිසුවා අන්ද මන්ද වනු දුටු හිමියන් වතුර බෝතල් දෙක ගෙන පරීක්ෂා කර බැලීමේදී එක බෝතලයක වතුරත් අනෙක් බෝතලයේ මත්පැන්ද ඇති බව සුවඳින් හඳුනාගෙන තිබෙනවා.
මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී තම පියා විසින් නිවෙසේ ගෙනත් තබා ඇති මත්පැන් බෝතලයකින් කොටසක් බෝතලයකට දමා ගෙන පැමිණි බවත් පාසල අවසානයේ මිතුරන් සමඟ ආසන්නයේ ඇති ඔයකට ගොස් දිය නෑමෙන් අනතුරුව මෙය පානය කොට සවස් කාලයේ ඇති ටියුෂන් පන්තියකට සහභාගි වීමට සූදානම්ව සිටි බවත් පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ගේ මවුපියන් කැඳවා ඇති විදුහල්පතිවරයා ඔවුන් දැනුවත් කොට සිසුන්ට තරයේ අවවාද කර මෙවැනි දෑ ඉදිරියේදී සිදුවුවහොත් පාසලෙන් නෙරපන බවට දැනුම් දී තිබෙනවා.