අවුරුදු උත්සවයක කඹ ඇඳීමේ තරගයක් අතරතුර ඇතිවු බහින්බස්වීමක් ගෙයක් ගිනි තබා විනාශ කිරීමක් දක්වා දුරදිග යෑමේ පුවතක් ඉඳුරුව - ගලගම ප්‍රදේශයෙන් වාර්තාවුණා. ඊයේ පැවති මෙම අවුරුදු උත්සවයේදී ගලගම ප්‍රදේශයේම පදිංචි දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවී තිබුණේ.
කඹ ඇඳීමේ තරගයේදී විවාහක සහ අවිවාහක තරඟ ඉසව්ව නියෝජනය කළ පිරිස අතර කණ්ඩායමේ සාමාජිකයන් සංඛ්‍යාව පිළිබඳව මෙම ගැටුම ඇතිවී තිබුණා. එය සමථයකට පත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී තමන්ටද පිරිසක් පහරදුන් බවයි ගිනි තැබූ නිවසේ හිමිකරුවා වන විවාහක කණ්ඩායම නියෝජනය කළ 42 හැවිරිදි ජානක මනෝජ් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ගින්නෙන් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව කොස්ගොඩ පොලීසිය සඳහන් කළා.