අසත්‍ය චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් පෙරේරාට තරඟ තහනමක් පැනවීම වෙනුවෙන් වන්දියක් ලබාදීමට එකගතාව පළවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසනවා.
පළමු වරට ස්කොට්ලන්තයේදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සැසිවාරයේදී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
කුසල් පෙරේරාට වන්දි පිරිනැමීමේ තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමාජිකයන් ඒකච්ඡන්දයෙන් අනුමත කර ඇතැයි සඳහන්.
තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනා මත කුසල් ජනිත් පෙරේරාට පනවා තිබු තරග තහනම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය මැයි මාසයේ ඉවත්කර ගනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් ගොනුකල අභියාචනය ඇතුලු නීති කටයුතු වෙනුවෙන් කුසල් පෙරේරාට පවුම් ලක්ෂ 5 කට වැඩි ප්‍රමාණයක් වියදම් වී ඇතැයි සඳහන්.
වන්දි ගෙවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබීමත් සමග එම වියදම් පියවා ගැනීමට මුදල් හිමිවනු ඇති.