හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට ඊයේ (17) කුණු බිත්තර, තක්කාලි ප්‍රහාරයක් සහ පරුෂ වචන ප්‍රහාරයක් එල්ල වුණා.
මොවුන්ගේ සංචාරයේ පළමු ස්ථානය වූයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. මෙම සංචාරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, ඉරාන් වික්‍රමරත්න, ආර්. යෝගරාජන්, නලීන් බණ්ඩාර එක්ව සිටියා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසට 100ක පමණ කණ්ඩායමකින් යුත් පිරිසක් පැමිණ පරුෂ වචනයෙන් බැණ ඔවුන්ට පහරදීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත් බාධා මධ්‍යයේ මත්තල ගුවන් තොටුපළ සංචාරය කිරීමෙන් අනතුරුව එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිස හම්බන්තොට වරාය නිරීක්ෂණය සඳහා පිටත්ව ගොස් තිබෙනවා. මත්තල සිට හම්බන්තොට වරාය දක්වා එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිස හා කිසියම් කණ්ඩායමක් විසින් සිය බස් රථය ලූහුබැඳ බවයි එ.ජා.ප. මන්ත්‍රීවරුන් පවසන්නේ.
අනතුරුව එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිස හම්බන්තොට වරාය නිරීක්ෂණය කර ඉන් පිටතට ද පැමිණි අවස්ථාවේ කිසියම් කණ්ඩායමක් පරුෂ වචනයෙන් බැණ වැදී, මන්ත්‍රීවරුන් පිරිස සිය බස් රථයට ගොඩවන අවස්ථාවේදි කුණු බිත්තර සහ තක්කාලි ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින්.....