මොරටුමුල්ලේ නිවසකට බලෙන් ඇතුළු වී තරුණියක පියයුරුවලින් උස්සා බිත්තියට තබා තර්ජනය කළැයි කියන බස්නාහිර පළාත් එජප මන්ත්‍රීවරයකු හා හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු සිව් දෙනෙක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම් මිහාල් මහතා නියෝග කළා.
මෙම පහරදීම සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් එ.ජා.ප මන්ත්‍රී සේනක දමයන්ත, මොරටු නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී අතුල පීරිස්, දිනේෂ් ප්‍රනාන්දු නොහොත් ජින්නා හා මංජුල පීරිස් යන සිව්දෙනාය.
මාර්තු 29 වැනි දා පැවැති බස්නාහිර පළාත් ඡන්දයේ දී සන්ධාන අපේක්ෂකයකුට උදව් කළැයි කියන සිද්ධියක් මත මේ පිරිසනිවසට පැන මෙසේ හිරිහැර කර ඇතැයි වාර්තාවෙනවා. මවත් ඇගේ දූවරුන් දෙදෙනාත්, එක් දියණියකගේ පෙම්වතාත් සිටි ගෙදරට ගොස් මෙම පහරදීම සිදුකර තිබෙනවා. පහර කෑමෙන් තුවාල ලැබූ දියණියගේ පෙම්වතා රෝහල් ගත කර තිබෙනවා.
පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත ඇතුළු පිරිස පොලිසියට බාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. මංජුල පීරිස් අධිකරණය වෙත භාර වූ අතර අනෙක් තිදෙනා පොලිසියට භාර වී තිබෙනවා. පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙස මහේස්ත්‍රාත් ඔවුනට තරයේ අවවාද කර ඇත.