පරිසරයට ආදරය කරන, සත්තුන්ට ආදරය කරන මිනිසුන් අපි අතර ඕනෑ තරම් ඉන්නවා.
තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක් වුණු ප්‍රදීප් සංජය කියන්නෙත් ඒ වගේ කෙනෙක්. මොහු වෘත්තියෙන් කාර්මික ශිල්පියෙක්. ඒ වගේම පරිසරවේදියෙක් විදිහටත් කටයුතු කරනවා.
ප්‍රදීප් පදිංචි වෙලා ඉන්නේ සීදූව රද්දොළුගම පැත්තේ.
ඒ පැත්තේ ගෙදරකට හරි ඒ අවට පරිසරේ හරි සතෙක් ඇවිත් කියලා කෝල් කළොත් එතනට ගිහින් ඒ සතාව අල්ලගෙන ඒ සතාට ගැලපෙන පරිසරයකට ප්‍රදීප් ගිහින් දානවා.
විෂ සහිත සර්පයන් වගේම ඕනෑම සතෙක් ඒ විදිහට අල්ලගෙන ගිහින් කිසිදු හානියක් නොකර ගැලපෙන පරිසරයකට ගිහින් දාන්නේ පරිසරයටත් සතුන්ටත් තියෙන ආදරේ නිසා කියලයි ප්‍රදීප් කිව්වේ.
ඒ ගැන ප්‍රදීප් සංජය කිව්වේ මේ වගේ කතාවක්.
අපේ රටේ හුඟක් සත්තු වඳවීගෙන යනවා.. සර්පයෝ කියන්නේ පරිසරයට අතශවශ්‍ය සතුන් කොට්ඨාසයක්.
පරිසරයේ සමතුලිත තාවය රැකගන්න ඒ සතුන් ලොකු උපකාරයක් වෙනවා. දවසින් දවස ඒ සත්තු මරලා දාලා විනාශ වෙලා ගියොත් ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වේවි..