ප්‍රසිද්ධ බාලිකා පාසලක 6 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් දිනපතා ප්‍රමාදවී අවදි වීම නිසා කොස්සකින් හා පොල්ලකින් සිය මව විසින් පහරදීමේ සිද්ධියක් කළුතර පැත්තෙන් අහන්න ලැබුණා.
මෙම සිසුවියට ඇගේ මව විසින් අමානුෂික ලෙස පහරදී පාසල් පොත්පත්වලටද භූමිතෙල් දමා ගිනි තබා තිබෙනවා.
මෙම මව කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන ඇඟලුම් සේවයේ නියැලෙන කාන්තාවක් වන අතර සිසුවියගේ පියා යුද හමුදා සේවයේ නිරත අයෙක්.
අවුරුදු 11 ක් වූ මෙම දියණිය දිනපතා අලුයම 5 ට අවදි වී ආච්චිගේ නිවසට යා යුතු බවත් මව එම වේලාවට ඇගලුම් සේවයට පිටත්ව යන බවත් සඳහන්.
එම නිසා අලුයම අවදි නොවීම හේතුවෙන් මවගේ පහරකෑමට මෙම සිසුවිය ලක්වී ඇති බවයි වාර්තා වුණේ.
තම මවගේ පහරකෑමෙන් ඇය කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුගිය දිනක පිටව ගොස් තිබෙනවා.
මෙම සිද්ධියට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව මව කළුතර පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
දැරිය මව සමග යෑමද ප්‍රතික්ෂේප කළ නිසා ඇය ආච්චි භාරයට පත්කිරීමට එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.