මාර්ගයේ කඳුගැටයක නවතා තිබූ ලොරියක් තිරිංග නොමැතිව පසුපසට පැමිණීමෙන් අවාසනාවන්ත ලෙසින් එයට යටවී පාසල් ගුරුවරියක් එම ස්‌ථානයේදීම මියගොස් තිබෙනවා. මෙම අනතුරින් මියගොස් ඇත්තේ මොරොන්තොට පදිංචිව සිටි එස්. කළ්‍යාණවතී නම් 52 හැවිරිදි බුලත්කොහුපිටිය තුම්මුදුන කනිෂ්ඨ පාසලේ ගුරුවරියකි.
22 වනදා දහවල් 2 ට පමණ පාසල අවසන් වී බස්‌රථවලට ගොඩවීම සඳහා බුලත්කොහුපිටිය මාර්ගයේ කඹගමුව බස් නැවතුම්පළට වී සිටියදී මෙම ගුරුවරිය අනතුරට පත් ව ඇති අතර ලොරිය පසුපසට එනු දැක පිරිසක් කෑ ගසා පාරෙන් ඉවත් වූ නමුත් මෙම ගුරුවරියට ඉවත් වීමට කාල් වෙලා මදි වී තිබේ.
ලොරිය මාර්ගයේ කඳුගැටයක නවතා එහි තිබූ හාල් වෙළෙඳසල්වලට දැමීමේ නිරතව සිටි අවස්‌ථාවේ එය මෙලෙස තිරිංග නොමැතිව පස්‌සට පැමිණ ඇති අතර පසුව රියදුරා පොලිසියට භාර වී තිබේ.