කොත්මලේ ඉදිකළ මහවැලි මහසෑය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (20) විවෘත කරනු ලැබුවා. එම අවස්ථාවට මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද පළ කළා.
මහවැලි මහසෑය ඉදිකිරීම ආරම්භ වූයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පාලන සමයේදි එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයාව සිටි ගාමිණී දිසානායකගේ මූලිකත්වයෙන්.
කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නිමා කිරීම මහවැලි මහාසෑයෙන් සලකුණු වනවා.
උසින් අඩි 289ක් සහ අඩි 628ක වට ප්‍රමාණයක් සහිත මහවැලි මහසෑය පරිශ්‍රයේ එකවර බැතිමතුන් 4000කට පමණ වන්දනාමාන කළ හැකියි.