පියාගෙන් හා පෙම්වතාගෙන් අතවරයට ලක්‌වූ බාලවයස්‌කාර දැරියකට උපත් පාලන සැත්කමක් සිදු කළ රජයේ වෛද්‍යවරයකු සොයා ගම්පොළ පොලිසිය පරීක්‌ෂණයක් අරඹා තිබෙනවා.
දැරියගේ පියා රක්‌ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර සිද්ධියෙන් පසු සැඟවී සිටි පෙම්වතා අත්අඩංගුවට ගෙන ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය ඔහු ලබන 22 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග ඛර තිබෙනවා.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරිය සිය පියාගේ අතවරයට ලක්‌ව ඇති අතර පසුව නිවසට පැමිණ ණය දෙන පෞද්ගලික ආයතනයක 23 හැවිරිදි අයෙකු සමඟ ඇය ප්‍රේම සබඳතාවක් ගොඩ නගාගෙන ඔහු සමඟ හොර රහසේ මිනුවන්ගොඩ වටිනාපහ ප්‍රදේශයට පලාගොස් තිබෙනවා.
මොහු සමඟ මෙම බාලවයස්‌කාරිය මාස 5 ක් පවුල් කා ඇති අතර ඔහුගේ අනියම් සබඳතා ගැන ආරවුලක් ඇති වී නැවත දැරිය බෝවල නිවසට පැමිණ තිබෙනවා.
ඒ අතර ගම්වාසීන් විසින් මෙම දැරිය පියාගේ අතවරයට ලක්‌ව ඇති බව සඳහන් කොට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා ඒ පිළිබඳව පරීක්‌ෂණ පවත්වා පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කීප අවස්‌ථාවකම ගම්පොළ සිට මිනුවන්ගොඩට ගියද ඔහු සැඟවී ඇති අතර මොහු තවත් විවාහයක් කර ගැනීමෙන් පසු විදේශ ගතවීමට සූදානම් වීමක් පිළිබඳව තොරතුරු ලැබීම නිසා උපක්‍රමශීලී ලෙස ගම්පොළ පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු සමඟ මාස 5 ක් පවුල් කන අතරතුර මිනුවන්ගොඩ රජයේ වෛද්‍ය මධ්‍යස්‌ථානයකින් දැරියට රජයේ වෛද්‍යවරයකු උපත් පාලන සැත්කමක්‌ද සිදුකර ඇති බව අනාවරණය වීම නිසා ඒ පිළිබඳව පරීක්‌ෂණ පවත්වා එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහාද මෙසේ පරීක්‌ෂණ අරඹා තිබෙනවා.