ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙක් නරඹන රූපවාහිණී නාලිකාව වන හිරු TV නාලිකාව මෙවර සිංහල සංස්කෘතියේ ඉහලම මංගල්‍ය, එනම් සූර්ය මංගල්‍ය සැමරුවේ ටෙලිවිෂන් ඉතිහාසයට තවත් අමරණිය අත්දැකීමක් එක්කරමින්.
ඒ අවුරුදුදා උදෑසන සිට හිරු TV White Lotus පරිශ්‍රයේ සිට මෙතෙක් ඉතිහාසයේ ජනප්‍රිය කළාකරුවන් වැඩිම පිරිසකගේ සහාභාගිත්වයෙන් විකාශය කෙරුණු නවමු ආකාරයේ
"සූර්ය සිංහලයේ හිරුත් එක්ක අවුරුදු" නම්වූ සජීවී වැඩසටහනයි.
හෙළ සංස්කෘතියට මුලිතැන දෙමින්, සියළුම නැකැත් චාරිත්‍ර ඒ අයුරින්ම ඉටුකරමින් ජන ගායනා, ජන ක්‍රීඩා, ඇතුළු තවත් අංග රාශියකින් හැඩවූ මෙම වැඩසටහනේ සුවිශේෂී අවස්ථා අප කැමරා කාචයේ සටහන්වූ අයුරුයි මේ.
ඡායාරූප - සඳුන් වේරගම