ඇමරිකානු ගායිකා ක්‍රිස්ටිනා ග්රිමි සහභාගී වූ සංදර්ශනයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අවුරුදු 22 ක් වූ ක්‍රිස්ටිනා 2011 ෆයින්ඩ් මී ගීත ඇල්බමය ඔස්සේ ගීත ගායනයට පැමිණි අතර 2014 දී ‘ද වොයිස් ‘ වැඩසටහනේ තුන්වන වටය දක්වා පැමිණියා.
ඇයට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ වෙඩි තැබූ පුද්ගලයාට සමරු සටහනක් ලබාදෙන අවස්ථාවේදීයි.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ක්රිස්ටිනාගේ සොහොයුරා වෙඩික්කරු මෙල්ල කිරීමට උත්සහ කළත් පොර බැදීම අතරතුරදී වෙඩික්කරු ද සිය දිවි හානි කරගෙන තිබුණා.