කුමන අගහිගකමක් තිබ්බත්, මොන ප්‍රශ්නයක්, බාධාවක් තිබ්බත් සැබෑ ආදරවන්තයෝ දුරස් නොවී කවදාම හරි එකතු වෙනවා.
ඒකට මිල මුදල්, යාන වාහන, රූපයේ ලස්සන බලපාන්නේ නෑ. ඒත් අද හුගක් ආදර කතා සල්ලිවලට වගේම ලස්සනට, හැගීමට අලෙවි වෙනවා.
ඒත් ඒ කිසිත් බාධාවක් නොවුණු ආදර කතාවක් ගැන අපිට මීට කාලයකට ඉස්සර අහන්න ලැබුණා.
ඒ ලෝකයේ උසින් අඩුම ආදරවන්තයන් දෙන්නා ගැන. බ්‍රසීලයේ ජීවත් වෙන පාවුලෝ ගේබ්‍රියල්ට වයස අවුරුදු 31 යි.
එයාගේ ආදරණීය බිරිඳ කත්යුශියා හොශිනෝගේ වයස අවුරුදු 26 යි. පාවුලෝගේ උස අඩි 2.9 ක් වගේම කත්යුශියාගේ උස අඩි 2.10 ක්.
ජාන විකෘති තාවයක් නිසා උස නොගියත් ඒ දේ ගැන දැන් මේ දෙන්නට කිසිම ගාණක් නෑ.
මොවුන් ආදර කතාව ඇරඹෙන්නේ සමාජ මාධ්‍ය හරහායි.
පසුගිය දිනක මොවුන් දෙදෙනාව බ්‍රිතාන්‍යයේ පුවත්පතක සම්මුක සාකච්ඡාවක් සඳහා කැඳවා තිබුණා.
එහිදී ඔවුන් දෙදෙනා පවසා තිබෙන්නේ '' අපි ගොඩක් ආදරයෙන් ජීවිතේ ගෙනියනවා. සල්ලි ගන්න යන්තුවලට උස මදි වීම වගේම මිනිස්සු අපිට හිනාවෙන එක ඇරෙන්න වෙන ප්‍රශ්නයක් අපේ ජීවිතේ නෑ. ජීවිතේ ගොඩක් හොඳයි. "