අවුරුදු 14 ක් වුණු පාසල් සිසුවියක් හා අවුරුදු 17 ක පාසල් සිසුවෙක් ගිංතොට පැත්තේ පාලම අසල ලෑලි මඩුවක් තුල සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් ගොස් මෙම සිසුවිය නැවත නිවසට නොපැමිණීම නිසා මව පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයකදී ගිංතොට පැත්තේ පාලමක් යට අනවසරයෙන් ඉදිකර තිබූ ලැලි මඩුවක මොවුන් සිටියදී පොලිසිය සොයා ගෙන තිබෙනවා.
මෙම සිසුවාත් සිසුවියත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.